මියගිය අය ප්‍රධාන වශයෙන් පලා යාමට නොහැකි වයෝවෘද්ධ පුද්ගලයින් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි

දේශගුණික අර්බුදය සහ ලැව්ගිනි අතර සම්බන්ධය සංකීර්ණය. නමුත් කාබන් බ්‍රීෆ් විශ්ලේෂණයක් උපුටා දක්වමින් Swansea විශ්ව විද්‍යාලයේ ලැව්ගිනි පර්යේෂකයෙකු වන ආචාර්ය Cristina Santin පැවසුවේ ‘උෂ්ණත්වය වැඩිවීම සමග වෘක්ෂලතා වියළීම හේතුවෙන් දරුණු ගිනි ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බවයි

රුසියාවේ Ural කඳුකරයේ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

යූරල් හි කුර්ගන් ප්‍රදේශයේ සහ සයිබීරියාවේ සතිය පුරා ලැව්ගිනි හටගෙන තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් තම නිවෙස්වලින් පිටතට යාමට නොහැකි වයෝවෘද්ධ පුද්ගලයන් බවයි. ප්‍රාදේශීය බලධාරීන්ට අනුව, බොහෝ මරණ ඉරිදා සිදුවී ඇත්තේ යූරල් සහ සයිබීරියාව අතර මායිමේ කුර්ගන් පළාතේ යුල්ඩුස් ගම්මානයේ ය.

බටහිර සයිබීරියාවේ Tyumen පළාතේ පදිංචිකරුවෙකු ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී මිය ගියේය.

ප්‍රාදේශීය හදිසි සේවා නිලධාරීහු පැවසුවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. කුර්ගන් පළාතේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ගොඩනැගිලි 5000කට වඩා ගින්නෙන් විනාශ වී ඇත. Sverdlovsk පළාතේ සහ සයිබීරියාවේ Omsk සහ Tyumen පළාත්වල හෙක්ටයාර දහස් ගණනක් ලැව් ගිනි නිසා විනාශ වී ඇත.

සඳුදා Kurgan පළාතේ සංචාරයක දී රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍ය Aleksandr Kurenkov පැවසුවේ ජනාවාස තවදුරටත් ලැව්ගිනිවලින් අවදානමට ලක් නොවන බවයි. නමුත් ප්‍රාදේශීය මාධ්‍ය අඟහරුවාදා වාර්තා කළේ එහි මෙන්ම Sverdlovsk සහ Tyumen හි තවමත් ගින්නක් හටගෙන ඇති බවයි.

යුරෝපා සංගමයෙහි හි Copernicus වායුගෝල නිරීක්ෂණ සේවාවේ (Cams) ෙදත්ත පෙන්නුම් කළේ “රුසියාවේ Chelyabinsk කලාපයේ සිට Omsk සහ Novosibirsk ප්‍රදේශ හරහා ඈත පෙරදිග ප්‍රිමෝරි දක්වා සක්‍රීය ගිනි ඇවිලෙමින් ඇති අතර එය කසකස්තානය සහ මොංගෝලියාවට ද බලපාන බවයි” යනුවෙනි.

Cams හි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන Mark Parrington පැවසුවේ, “වර්තමාන ලැව්ගිනි වල පරිමාණය සහ තීව්‍රතාවය සාමාන්‍ය තත්වයන්ට වඩා වියළි කාලගුණයෙන් පසුව වැඩිවන ගිනි අවදානම පිළිබිඹු කරනවා. වසන්ත සමයේදී බෝරියල් වනාන්තර කලාපයේ ලැව්ගිනි විශේෂයෙන් අසාමාන්‍ය දෙයක් නොවෙයි. අපි පසුගිය වසරේ මේ අවස්ථාවේ කැනඩාවේ සහ යුරේසියාවේ ලැව්ගිනි නිරීක්ෂණය කර තිබෙනවා. එසේ වුවද අපි ග්‍රීෂ්ම සෘතුවට ළං වන විට, බෝරියල් ලැව්ගිනි සමය එහි උච්චතම අවස්ථාවට පැමිණීම විශේෂ තත්ත්වයක්. අපි මෙම තත්ත්වයන් දිගටම නිරීක්ෂණය කරනවා’’

මෑත වසරවලදී රුසියාව (විශේෂයෙන්) පුළුල්ව පැතිරුනු ලැව්ගිනි අත්විඳ ඇත.  අසාමාන්‍ය ලෙස වියළි ගිම්හාන සහ අධික උෂ්ණත්වයන් මෙම තත්ත්වයට හේතුව බව විශේෂඥයින් විශ්වාස කරයි. දේශගුණික අර්බුදය සහ ලැව්ගිනි අතර සම්බන්ධය සංකීර්ණය. නමුත් කාබන් බ්‍රීෆ් විශ්ලේෂණයක් උපුටා දක්වමින් Swansea විශ්ව විද්‍යාලයේ ලැව්ගිනි පර්යේෂකයෙකු වන ආචාර්ය Cristina Santin පැවසුවේ ‘උෂ්ණත්වය වැඩිවීම සමග වෘක්ෂලතා වියළීම හේතුවෙන් දරුණු ගිනි ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බවයි”.

ග්‍රීන්පීස් ආයතනයට අනුව 2021 දී සයිබීරියාව පුරා පැතිර ගිය ලැව් ගින්න ග්‍රීසිය, තුර්කිය, ඉතාලිය, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල ඇති වූ ගින්නට වඩා විශාල විය.

වසරකට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ලැව්ගිනි වැළැක්වීම සඳහා වඩාත් ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒවා සමඟ කටයුතු කිරීමේදී නිල ආයතන අතර සම්බන්ධීකරණය වැඩි කරන ලෙසත් ය.