එල් නිනෝස් සහ ලා නිනාස් හේතුවෙන් ගෝලීය උණුසුම වඩාත් නිතර සහ අන්තබවට පත් කර ඇති බව නව අධ්‍යයනය පෙන්වා දෙයි

විද්යාඥයින් පවසන්නේ හරිතාගාර වායු විමෝචනය දැනටමත් පැසිෆික් කලාපයේ දේශගුණික රටාවන්ට බලපා ඇති අතර එය වඩාත් දරුණු කාලගුණය, ගංවතුර සහ තාප තරංගවලට තුඩු දිය හැකි බවයි.

ගෝලීය උණුසුම හේතුවෙන් 1960 ගණන්වල සිට පැසිෆික් කලාපයේ දේශගුණික රටාවන් තීව්‍ර වී ඇති අතර එය ලොව පුරා දැඩි නියඟ, ගංවතුර සහ තාප තරංග ඇති කළ බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.

හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් දැනටමත් එල් නිනෝස් (El Niños) සහ ලා නිනාස් (La Niñas) වඩාත් උග්‍ර වී ඇති බව ද විද්‍යාඥයෝ පැවසූහ.

පැසිෆික් සාගරයේ සාගර උෂ්ණත්වයේ සහ වායුගෝලීය තත්ත්‍වයේ මාරුවීම් – El Niño Southern Oscillation – Enso ලෙස හැඳින්වේ. එය ලොව පුරා කාලගුණ රටාවන්ට බලපෑම් කරන අතර ආහාර සැපයුමට තර්ජනය කරයි. එසේම එය රෝග පැතිරීම සහ සමාජ සහ පරිසර පද්ධති කෙරෙහි බලපෑම් කරයි.

වායුගෝලයට හරිතාගාර වායූන් එකතු කිරීම (සාගරයේ දැවැන්ත තාප ප්‍රමාණයක් හසුකර ගැනීම) දැනටමත් Enso වෙනස් කර තිබේ.

නමුත් පද්ධතියට දශක ගණනාවක් පුරා ස්වාභාවික විචල්‍යතා ඇති නිසාත්, සත්‍ය නිරීක්ෂණ ඉතා විරල වූ නිසාත්, විද්‍යාඥයන් ඒ වෙනුවට දේශගුණ ආකෘති 40කට වඩා වැඩි ප්‍රමාණයක නිරීක්ෂණය කර ඇති අතර, ඒවා ක්‍රම කිහිපයකින් විශ්ලේෂණය කර ඇත.

අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ආචාර්ය වෙන්ජු කායි පැවසුවේ 1960 සිට මෙම ආකෘති “මිනිස් ඇඟිලි සලකුණක් / human fingerprint ” පෙන්නුම් කළ බවයි.

මෙයින් අදහස් කළේ දේශගුණික විපර්යාසයන් එල් නිනෝස් සහ ලා නිනාස් යන දෙකම “වඩාත් නිතර හා වඩාත් ආන්තික” බවට පත් කර ඇති බවයි.

නමුත් අධ්‍යයනයට සම්බන්ධ නොවූ තවත් සමහර විද්‍යාඥයන් සොයාගැනීම් පිළිබඳව වෙනස් මත ඇති අතර, ආකෘති නිර්මාණය මත යැපීම පිළිබඳ කනස්සල්ල මතු කළේය.

මෙම අධ්‍යයනය වසර පහක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර ආචාර්ය වෙන්ජු කායි පැවසුවේ ලෝකය ඈත අතීතයේ පැවති කාලගුණයට වඩා බෙහෙවින් වෙනස් දේශගුණයක් අත්විඳිමින් සිටින බවයි.

ලා නිනා කාලවලදී සමක පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය දිගු කාලීන සාමාන්‍යයකට වඩා සිසිල් වේ. (ගෝලීය උෂ්ණත්වය අඩු කරයි) එල් නිනෝස් සමයේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙය සිදු වේ.

ආකෘති පෙන්නුම් කළේ 1960 ට පෙර වසර 60 සිට වසර 60 දක්වා සසඳන විට මුහුදු මතුපිට උෂ්ණත්වය 10% කින් පමණ තීව්‍ර වී ඇති බවයි.

එක්සත් ජනපද රජයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු සහ පත්‍රිකාවේ සම කර්තෘවරයෙකු වන ආචාර්ය මයික් මැක්පේඩන් පැවසුවේ ‘මානව ක්‍රියාකාරකම් එන්සෝ වෙනස් කරන්නේද යන ප්‍රශ්නය සමඟ විද්‍යාඥයන් වසර 30ක් තිස්සේ පොරබදමින් සිටි බව‘යි.

පිළිතුරක් සෙවීම සඳහා පර්යේෂකයන් “මේ ගැටලුවට සියල්ල” විසි කර ඇති බවත්, ඔවුන්ගේ නඩුව ඉදිරිපත් කිරීම සඳහා ආකෘතිවලින් “සෑම තොරතුරක්ම” උදුරා ගත් බවත් ඔහු පැවසීය.

ඔහු මෙසේ පැවසීය: “විශාල සිද්ධීන් වඩාත්ම බලවත් පහරවල් නිර්මාණය කරයි. එබැවින් 10% එතරම් විශාල ශබ්දයක් නොවුණත්, එය පෘථිවියේ ප්‍රබලම සහ වඩාත්ම සමාජීය වශයෙන් අදාළ වන දේශගුණික විචලනය උද්දීපනය කරයි. ප්‍රායෝගික වශයෙන් මෙය වඩාත් ආන්තික සහ නිරන්තර නියඟ, ගංවතුර, තාප තරංග, ලැව්ගිනි සහ දරුණු කුණාටු බවට පරිවර්තනය වේ”

එන්සෝට දශක ගණනාවක් පුරා ස්වභාවිකව ක්‍රියාත්මක විය හැකි නිසා වසර 150ක මුහුදු මතුපිට උෂ්ණත්ව නිරීක්ෂණ මගින් පවා එම ස්වාභාවික පැද්දීම් වලින් මිනිසා විසින් බලහත්කාරයෙන් සිදු කරන වෙනස්කම් උකහා ගැනීමට නොහැකි වූ බව මැක්පේඩන් පැවසීය.

ඔහු පැවසුවේ මෙම අධ්‍යයනය සීමාවන් දන්නා නවතම දේශගුණික ආකෘති මත රඳා පවතින බවයි. “කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා අපට ඇති හොඳම මෙවලම් ඒවා වේ” ඔහු පැවසීය.

පර්යේෂණයට සම්බන්ධ නොවූ කැන්බරා හි දේශගුණ විද්‍යාඥ ආචාර්ය සාරා කිර්ක්පැට්‍රික් පැවසුවේ ආකෘති නිර්මාණය කෙරෙහි ඇති විශ්වාසය නිසා තමා “ටිකක් බියට පත් වූ” බවයි.

“නමුත් අපි නිරීක්ෂණ මත පමණක් රඳා සිටීමට යන්නේ නම්, අපට අවම වශයෙන් වසර සිය ගණනක දත්ත අවශ්‍ය වන අතර අපට එතරම් කාලයක් බලා සිටීමට අවශ්‍ය නැත” ඇය පැවසුවාය.

පර්යේෂණයට සම්බන්ධ නොවූ Monash විශ්ව විද්‍යාලයේ Enso පිළිබඳ විශේෂඥ, ආචාර්ය Shayne McGregor පැවසුවේ මිනිසා විසින් ඇති කරන දේශගුණික විපර්යාස එල් නිනෝස් හෝ ලා නිනාස් කෙරෙහි බලපෑමක් ඇති කරන බව අධ්‍යයනයෙන් පෙන්නුම් කර ඇති බව තමාට ඒත්තු ගැන්වී නොමැති බවයි.

“එය හැකි ය, නමුත් මට තවමත් ප්‍රශ්නාර්ථ ලකුණු රාශියක් ඇත. නිරූපිකාවන් එකඟ වූ පමණින්, ඔවුන් නිවැරදි [සැබෑ ලෝකයේ සිදු වන දේ ගැන] බව අදහස් නොවේ’’

ඔහු පැවසුවේ එන්සෝ “විශාල ලෙස විචල්‍ය” වන අතර පර්යේෂණ “හරිතාගාර වායු උණුසුම එන්සෝට බලපෑ හැකිය යන අදහසට සහාය දැක්වීමට සාක්ෂි සපයන අතර” මෙම සාක්ෂිය තීරණාත්මකව නොව “යෝජනා” පමණක් බවයි.

මෙම අධ්‍යයනය Nature Reviews Earth and Environment සඟරාවේ පළ වේ.

https://www.theguardian.com