ජනතාව නොමග යවන බවට චෝදනා

Universal ‘chasing arrows’ ප්‍රතිචක්‍රීකරණ සංකේතය එක්සත් ජනපදයේ ඉවත දැමිය හැකිය

පසුගිය දශක පහ පුරාවට ප්‍රතිචක්‍රීකරණය කිරීමේ විශ්වීය සංකේතය වූ ත්‍රිකෝණාකාර ඊතල / chasing arrows’ භාවිතය ජනපදය තුළ අවසන් විය හැකි අතර, එය මහජනයා නොමඟ යවන්නේ දැයි විමසා බලන ලෙස ජෝ බයිඩන් පරිපාලනය නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

1970 වසරේ පළමු මිහිකත දිනය වෙනුවෙන් විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් නිර්මාණය කරන ලද “හඹා යාමේ ඊතල” ලාංඡනය කිරි පෙට්ටිවල සිට ෂැම්පූ බෝතල් දක්වා සෑම දෙයකම, සෑම තැනකම පැතිරී ඇත්තේ ඇසුරුම් ඉවතලීමට වඩා ප්‍රතිචක්‍රීකරණය කිරීමට පරිශීලකයින් පොළඹවන මාර්ගයක් වශයෙනි.

නමුත් ප්‍රතිචක්‍රීකරණය සඳහා සාමාන්‍යයෙන් පිළි නොගන්නා නිෂ්පාදනවල සංකේතය පුළුල්ව භාවිතා කිරීම “ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ/හෝ කොම්පෝස්ට් කළ හැකි දේ පිළිබඳව පාරිභෝගික ව්‍යාකූලත්වයට” උපකාර වන අතර ඇසුරුම්කරණය පිළිබඳ “වංචනික හෝ නොමඟ යවන” හිමිකම් පෑමට තුඩු දෙන බව එක්සත් ජනපදයේ පාරිසරික ආරක්ෂණ නියෝජිතායතනය (US Environmental Protection Agency -EPA) පැවසීය.

EPA කියා සිටියේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේ පිළිබඳව මහජන විමසුම් වලින් නිරන්තරයෙන් විවේචන එල්ල වන බවත්, ෆෙඩරල් වෙළඳ කොමිසම (Federal Trade Commission – FTC) වෙත කරන ලද නිල අදහස් දැක්වීමේදී ප්‍රතිචක්‍රීකරණ ලාංඡනය සමස්ත ප්ලාස්ටික් පන්තිවලින් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටින බවත්ය . සමාගම්වලට තම නිෂ්පාදන පිළිබඳව නිවැරදිව කළ හැකි පාරිසරික හිමිකම් පිළිබඳ FTC දැනට එහි නීති පොත යාවත්කාලීන කරමින් සිටී.

ගැටලුව වන්නේ විවිධ වර්ගයේ ප්ලාස්ටික් වල “රෙසින් අංකය /resin number” සමඟ ලාංඡනය භාවිතා කිරීමයි. අංක 01 සහ 02 ලකුණු කර ඇති බෝතල් සහ ජෝගු වැනි ප්ලාස්ටික් ඉතා පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිෂ්පාදන වේ, නමුත් අංක තුන සිට හත දක්වා සලකුණු කර ඇති, ප්ලාස්ටික් බෑග්, ස්ටයිරෝෆෝම් සහ ප්ලාස්ටික් තැටි ඇතුළත් කාණ්ඩ සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීකරණය නොකරන අතර ඒ වෙනුවට ගොඩකිරීම්වලට යවනු ලැබේ.

ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු තනි භාවිත ප්ලාස්ටික් මත හඹා යන ඊතල සංකේතය ස්ථානගත කිරීම “බොහෝ ප්ලාස්ටික් නිෂ්පාදන වලට (විශේෂයෙන් 3-7) අවසන් වෙළඳපළක් නොමැති අතර ප්‍රතිචක්‍රීකරණය කිරීමට මූල්‍යමය වශයෙන් ශක්‍ය නොවන බැවින් ප්‍රතිචක්‍රීකරණය නිවැරදිව නිරූපණය නොකරයි.

මෙම ව්‍යාකූලත්වය ඉවත් කිරීමට උපකාර කිරීම සඳහා නව රීතියක් අවශ්‍ය බව පාරිසරික ආරක්ෂණ නියෝජිතායතනය පැවසීය. 2021 දී, කැලිෆෝනියාව ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ නොමඟ යවන ප්‍රකාශයන් වළක්වා ගැනීම සඳහා ලාංඡනය භාවිතය සීමා කිරීමට නීතියක් සම්මත කළේය.

පාරිසරික කණ්ඩායම් ලාංඡනය ආරක්ෂණ මෙවලමක් ලෙස භාවිතය නතර කිරීමට බලපෑම් කරයි. ඒ සමාගම් විසින් එය හරිත සේදීමක් ලෙස භාවිත කරන නිසාය.

“එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් වලින් ඉවත් වීම ගැන බැරෑරුම් ලෙස සලකනවා වෙනුවට, සමාගම් ඔවුන්ගේ ඉවතලන ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යැයි මවාපෑම පිටුපස සැඟවී සිටිති” යැයි ග්‍රීන්පීස් හි සාගර ප්‍රචාරක ජෝන් හොස්වර් පැවසීය.

“මෙය අසත්‍ය බව අපි දැන් දනිමු,” ඔහු පැවසීය.

එක්සත් ජනපදයේ ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ ප්ලාස්ටික් වලින් 5% ක් පමණ වන අතර, 2018 දී බටහිර රටවලින් අනවශ්‍ය ප්ලාස්ටික් අපද්‍රව්‍ය තවදුරටත් භාර නොගන්නා බව චීනය ප්‍රකාශ කිරීමෙන් පසු එම ප්‍රතිශතය අඩුවෙමින් පවතී.

ඇමරිකානු කුටුම්භයන් වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 51ක් පමණ නිෂ්පාදනය කරයි. එය වෙනත් ඕනෑම රටකට වඩා වැඩි ය. ඒවායින් බොහොමයක් බොහෝ විට සාගරයෙන් අවසන් වේ.

‘ප්‍රතිචක්‍රීකරණය කෝකටත් තෛලයක් නොවන බව‘ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සතියේ නිකුත් කළ වාර්තාවක අනතුරු ඇඟවීය . 2040 වන විට ගෝලීය ප්ලාස්ටික් දූෂණය 80% කින් කප්පාදු කළ හැකි පියවර මාලාවක් අතරට වැඩිපුර ඇසුරුම් කිරීම සහ තනි භාවිත ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් කළ යුතු බව වාර්තාවේ සඳහන් වේ.

https://www.theguardian.com