• මැජික් දූවිලිවලට දේශගුණික විපර්යාසවලට වැට වැට බැීමට හැකි වෙයිද ?
  • මේ මගේ මැජික් දූවිලි,” ඔහු සිනහවකින්, මෘදු ලෙස ඇඟිලි අතර ඒවා අතුල්ලමින් පවසයි.

බර යන්ත්‍ර සූත්‍ර නාදයෙන් වට වූ ගල් කොරියක ජිම් මෑන් / Jim Mann පහත් වී කුඩා කළු පාෂාණ අතලොස්සක් අහුලා ගනියි. “මේ මගේ මැජික් දූවිලි,” ඔහු සිනහවකින්, මෘදු ලෙස ඇඟිලි අතර ඒවා අතුල්ලමින් පවසයි.

ඔහු බාසල්ට් කෑබලි (pieces of basalt) අල්ලාගෙන සිටී. එය දෘඩ ගිනිකඳු පාෂාණයක් වන අතර එය දුර්ලභ හෝ විශේෂයෙන් කැපී පෙනෙන දෙයක් නොවේ. නමුත් වැඩි දියුණු කළ බාසල්ට් පාෂාණ  අපගේ අධික  ලෙස උණුසුම් වන පෘථිවි ගෝලය සිසිල් කිරීමට උපකාරී වේ.

  • Basalt යනු මාෆික් extrusive පාෂාණයක් වන අතර සියලු ආග්නේය පාෂාණ අතරින් වඩාත් පුළුල්ව පැතිර ඇති අතර පාෂණ වර්ගයයි. සියලු ගිනිකඳු පාෂාණවලින් 90%කට වඩා Basalt වලින් සමන්විත වේ.
  • බාසල්ට්, සිලිකා අන්තර්ගතය අඩු, තද වර්ණයෙන් යුත්, සහ යකඩ සහ මැග්නීසියම් වලින් සංසන්දනාත්මකව පොහොසත් වන ආග්නේය (ගිනිකඳු) පාෂාණයකි. https://www.britannica.com

පෘථිවිය අනතුරුදායක මට්ටමින් උණුසුම් වීම නැවැත්වීමට හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව දැන් පැහැදිලි ය. කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ යම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ඉවත් කිරීමක් අවශ්‍ය වනු ඇති බවයි. මෙයින් අදහස් වන්නේ එය වායුගෝලයෙන් ක්‍රියාකාරීව ඉවත් කිරීමයි.

ගස් සිටුවීම මෙය සිදු කිරීම සඳහා වඩාත්ම ස්වභාවික ක්‍රමයක් වන නමුත් එහි සීමාවන් ඇත. ග්‍රහණය කරගත් CO2 දැව දිරාපත් වූ විට හෝ පිළිස්සී ගිය විට මුදා හරින අතර ගස් සිටුවිය හැකි ප්‍රමාණයට පැහැදිලි සීමාවන් ද ඇත.

සෘජු වාතය අල්ලා ගැනීම (Direct Air Capture – DAC), යාන්ත්‍රිකව වායුගෝලයෙන් CO2 උරාබී එය භූගත ගබඩා කරයි. එය ස්ථිරය.  නමුත් අපි පොසිල ඉන්ධනවලින් ඉවත් වීමට උත්සාහ කරන විට එවැනි බලශක්ති දැඩි ක්‍රියාවලියක් ගොඩනැගීම අර්ථවත් ද? ගැන ප්‍රශ්නය විශේෂඥයින් හමුවේ පවතී.

Enhanced rock weathering  ලෝකයේ ඕනෑම තැනක ඒවා පවතී. එය ස්වභාවිකව සිදු වන නමුත් ඉතා ක්‍රමානුකූල කාලගුණික ක්‍රියාවලියක් (very gradual weathering process) ගන්නා අතර කාබන් වේගයෙන් ඉවත් කිරීමට එය ටර්බෝ ආරෝපණය කරයි.

Weathering යනු පෘථිවි පෘෂ්ඨයේ ඇති පාෂාණ හා ඛනිජ ලවණ බිඳ වැටීම, ජීර්ණය වීම හෝ දියවීමයි. පර්වතයක් කැඩී ගිය පසු, ඛාදනය නම් ක්‍රියාවලියක් පාෂාණ හා ඛනිජ කැබලි ඉවතට ප්‍රවාහනය කරයි. ජලය, අම්ල, ලුණු, ශාක, සතුන් සහ උෂ්ණත්ව වෙනස්වීම් යන සියල්ලම කාලගුණික හා ඛාදනය කිරීමේ නියෝජිතයන් වේ.

  • Weathering යනු පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ අවසාදිත, මැටි, පස් වැනි දේවලට කැඩී යාමේ හෝ ජීර්ණය වීමේ සාමාන්‍ය ක්‍රියාවලිය විස්තර කරන යෙදුමකි.

මම එඩින්බරෝ සිට ෆර්ත් ඔෆ් ෆෝර්ත් හරහා ගල්වළකට පැමිණ ඇත. ඔහුගේ වැඩිදියුණු කරන ලද Enhanced rock weathering company වන UNDO විසින් පවුම් මිලියන 12ක නව ආයෝජනයක් ලබාගෙන ඇති අතර මෙහෙයුම් පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.

කොන්ක්‍රීට් සහ තාර සෑදීම සඳහා අප වටා ඇති කළු කඳු බෑවුම ක්‍රමානුකූලව කපා දමමින් පවතී. දැවැන්ත කැණීම් යන්ත්‍ර මගින් ඇති කරන කම්පනය පෘථිවිය සුරැකීමට ගන්නා පියවරකට වඩා එය සොලවා දමන බිහිසුණු පිරිරීමක් වැනිය.

නමුත් මෙම ක්‍රියාවලියෙන් පසු ඉතිරි වන කුඩා බාසල්ට් පාෂාණ කැබලි ජිම්ගේ සමාගම විසින් මිලදී ගනු ලැබේ. ඒ ඒවාට වටිනාකමක් ඇති නිසාය. ඒවා වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරයි. කාබන් ඉවත් කිරීම උපරිම කිරීම සඳහා එය විශාල ප්‍රදේශයක් පුරා පැතිරීම අවශ්‍ය වේ.

බාසල්ට් බෝග අස්වැන්න සහ තෘණවල ගුණාත්මකභාවය යන දෙකම වැඩිදියුණු කිරීමට උපකාරී  වන බව අත්හදා බැලීම් වලදී පෙන්වා ඇත.

ගල් වළෙන් පැය භාගයක ගමනක් යන විට බාසල්ට් පිට්ටනියක විසිරී තිබෙනු මම බලා සිටිමි.

ගොවිබිම්වලට බාසලට් එකතු කිරීමට විශේෂඥ උපකරණ අවශ්‍ය නොවේ. ට්‍රැක්ටරයකින් ​​එය ඉහළට පහළට ඇදගෙන යාමට පෙර ට්‍රේලරයකට ටොන් 20ක බාසල්ට් පටවනු ලැබේ. පිටුපසින් කැරකෙන රෝදයක් මගින් කුඩා ගල් කැට විසිරී යයි.

“බාසල්ට් ගොවීන්ට නොමිලේ ලබා දෙන අතර ඒවා ගොවීන්ට ඉතා වැදගත් වේ’’ ජෝන් ලෝගන් ඔහුගේ කුඹුරට බාසල්ට් දමන විට සිනාසෙමින් මට පවසයි. ඔහු අසල්වැසි ගොවිපළක UNDO හි අත්හදා බැලීම් දැක ඇත.

“බාසල්ට් යෙදීමෙන් තණකොළ වඩාත් සශ්‍රීක වන බව පෙනෙනවා. ඒවා ගවයින්ට ඉතාම හොඳයි. ඔවුන්ට රසවත් ආහාරයක් ලැබෙනවා”

UNDO පවසන්නේ එක් බාසල්ට් ටොන් 20ක් මගින් ටොන් 5ක් පමණ CO2 අවශෝෂණය කළ හැකි බවයි.

නමුත් සමහර ප්‍රවීණයන් කනස්සල්ලට පත්වන්නේ මෙවැනි කාබන් ඉවත් කිරීමේ ක්‍රම මගින් කාබන් විමෝචනය කපා හැරීමේ වඩාත් හදිසි ප්‍රමුඛතාවයෙන් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කළ හැකි බවයි.

‘අපගේ කාබන් තීව්‍ර ජීවිත දිගටම කරගෙන යාමට සාධාරණීකරණයක් ලෙස පවා මෙවැනි දේ භාවිතා කළ හැකියි’ විශේෂඥයින් පෙන්වා දෙති.

“CO2 අඩු කිරීම ප්‍රථමයෙන් පැමිණිය යුතුයි” GPS මගින් මෙහෙයවනු ලබන ට්‍රැක්ටරය ඉහළට සහ පහළට ගමන් කරන ආකාරය අපි නරඹන විට ජිම් මට පවසයි.

“නමුත් අපි මෙම තාක්ෂණයන් දියුණු කළ යුතුයි”

ගණිතය, එය බියජනක බව කිව යුතුය. UNDO හි විද්‍යාඥයින් ගණනය කරන්නේ CO2 ටොන් එකක් ග්‍රහණය කර ගැනීම සඳහා බාසල්ට් පාෂාණ ටොන් හතරක් අවශ්‍ය බවයි.

උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ CO2 ඒක පුද්ගල සාමාන්‍ය විමෝචනය වසරකට ටොන් 7ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇත. එයින් අදහස් කරන්නේ සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම වාර්ෂිකව තමන් විසින් විමෝචනය කරනු ලබන කාබන් ප්‍රමාණය ප්‍රතිපූර්ණය කිරීමට බාසල්ට් ටොන් තිහක් පමණ අවශ්‍ය වන බවයි.

UNDO ඉදිරි වසර කිහිපය තුළ සිය නිෂ්පාදන කටයුතු වේගයෙන් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර සමහර ප්‍රබල ආධාරකරුවන් ආකර්ෂණය කර ගෙන ඇත. මයික්‍රොසොෆ්ට් සමාගම එක්සත් රාජධානියේ වගාබිම්වල විසිරීමට බාසල්ට් ටොන් 25,000කට ගෙවීමට එකඟ වී ඇත. ගනුදෙනුවේ කොටසක් ලෙස මයික්‍රොසොෆ්ට් ව්‍යාපෘතිය විගණනය කිරීමට සහ එය අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමට ද උදවු කරනු ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කාබන් ඉවත් කිරීම පිළිබඳ විශේෂඥ, ආචාර්ය ස්ටීව් ස්මිත්  පැවසුවේ “එහි රසායන විද්‍යාව අර්ථාන්විතයි. CO2 කොපමණ ප්‍රමාණයක් පිටතට ගන්නේද සහ එය අවසානයේ යන්නේ කොතැනටද යන්න මැන බැලීම ප්‍රධාන අභියෝගයක් වන අතර මේ මොහොතේ ප්‍රමිතිගත පද්ධතියක් නොමැත.”

අවසානයේදී ආචාර්ය ස්මිත් සිතන්නේ මෙම අදහස ඉඩම් වගා කරන ආකාරයෙහි සම්මත කොටසක් පමණක් විය හැකි බවයි.

“එය අපි මේ මොහොතේ ඉඩම් භාවිතා කරන ආකාරයට නැමිය හැකි දෙයක් වන අතර ආහාර සහ බෝග සඳහා ඉඩම් භාවිතා කරන ආකාරය අනුව අනෙකුත් ප්‍රතිලාභ සමඟ කාබන් ඉවත් කිරීමේ ප්‍රතිලාභයක් ලබා දිය හැකියි” ඔහු පවසයි.

එය කෙතරම් පරිමාණය කළ හැකිද යන්න පිළිබඳව තවමත් බොහෝ ප්‍රශ්න තිබේ. UNDO හි ව්‍යාපෘති දේශීය ගල්වලෙන් අතුරු නිෂ්පාදනයක් භාවිතා කරයි. නමුත් මෙය විශාල වශයෙන් සිදු කිරීම සැලසුම් කළහොත් බාසල්ට් පාෂාණ ඇඹරීමට, ප්‍රවාහනය කිරීමට සහ ඒවා විසුරුවා හැරීමට යන අංශ තුනටම බලශක්තිය අවශ්‍ය වේ. එය කාබන් විමෝචනය යළි තීව්‍රර කරනු ඇති අතර ප්‍රතිඵල සීමා කරනු ඇත.

“මේ අවස්ථාවේ දී කිසිදු අවාසියක් නොමැත. එය සම්බන්ධ වූ සෑම දෙනාගේම ජයග්‍රහණයකි.” ජිම් මෑන් කියයි.

මෙම වසරේ UNDO විසින් බාසල්ට් ටොන් 185,000ක් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර 2025 වන විට CO2 ටොන් මිලියනයක් ඉවත් කිරීමට බලාපොරොත්තු වේ.

විද්‍යාඥයින් පවසන්නේ වායුගෝලයේ දැනට පවතින කාබන්ඩයොක්සයිඩ් මට්ටම අවම වශයෙන් වසර මිලියන දෙකක කාලයකදී වාර්තා වූ ඉහළම මට්ටම බවයි.

https://www.bbc.co.uk/news/science-environment-65648361