දුප්පත් රටවලට අසමාන ලෙස බලපාන ජෛවවිවිධත්වය අහිමිවීම සඳහා ධනවත් ජාතීන් වන්දි ගෙවිය යුතු බව විද්‍යාඥයෝ පවසති.

ධනවත් රටවල් දුප්පත් රටවල ස්වභාවධර්මයට සිදු කරන අලාභය හා හානි / Biodiversity loss සඳහා දේශගුණික බලපෑම්වලට සමාන ලෙස වන්දි ගෙවිය යුතු බවට පර්යේෂකයන් තර්ක කර ඇත.

පසුගිය 2022 නොවැම්බරයේ පැවති Cop27 දේශගුණික සාකච්ඡාවලදී, දේශගුණික ව්‍යසනයෙන් පීඩා විඳි දුප්පත් ජාතීන්ට මූල්‍ය ආධාර සැපයීම සඳහා කැප වූ අලාභ හා හානි අරමුදලකට / Loss and damage fund ලෝක නායකයෝ එකඟ වූහ. දේශගුණික බිඳවැටීම සඳහා බොහෝ දුරට වගකිව යුතු වඩාත් සංවර්ධිත රටවල්, සාමාන්‍යයෙන් එහි බලපෑමට හා වඩාත් අවදානමට ලක්විය හැකි දුප්පත් ජාතීන්ට වන්දි ගෙවිය යුතුය.

දැන් පර්යේෂකයන් තර්ක කරන්නේ ස්වභාවධර්මය අහිමි වීම / Nature loss සඳහා සමාන අරමුදලක් නිර්මාණය කළ යුතු බවයි. මක්නිසාද යත් දුප්පත් රටවල වනජීවීන්ට වාසස්ථාන අහිමි වීම සහ සම්පත් අධික ලෙස සූරාකෑම ගෝලීය උතුරේ පරිභෝජනය විසින් මෙහෙයවනු ලබන බැවිනි.

පර්යේෂකයන් පවසන්නේ: “පොහොසත් රටවල මිනිසුන්ගේ පරිභෝජනය හේතුවෙන් ගෝලීය ජෛව විවිධත්වය අහිමි වීම අසමාන ලෙස මෙහෙයවනු ලැබේ. දේශගුණික බිඳවැටීම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් වලින් හුරුපුරුදු වූ ‘අලාභය සහ හානිය’ යන සංකල්පය ගෝලීය දකුණේ රටවල ජෛව විවිධත්වය අහිමි වීමේ ප්‍රතිවිපාක සඳහා ද සලකා බැලිය යුතුය.

දේශගුණික බිඳවැටීම් මෙන්ම, වන සතුන් අහිමි වීම සැලකිය යුතු සමාජ හා ආර්ථික බලපෑම් ඇති කරයි. ධනවත් ජාතීන් විසින් විනාශකාරී පතල් කැණීම, කෘෂිකර්මාන්තය සහ වන විනාශය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, (පර්යේෂකයන්ට අනුව) දුප්පත් රටවල මිනිසුන්ට තමන් පෝෂණය කිරීමට ස්වභාවික සම්පත් අඩු, ආදායමක් උපයා ගැනීමට ඇති අවස්ථා සහ සංස්කෘතික වටිනාකම් නැති වී යයි.

යුරෝපයේ පාරිභෝගිකයින් පෝෂණය කිරීම සඳහා යුරෝපීය සංගමයේ යාත්‍රා අධික ලෙස බටහරි අප්‍රිකාවේ මසුන් ඇල්ලීම එක් උදාහරණයකි. පර්යේෂකයන් පවසන්නේ මෙය “ආදායම සහ ආහාර සඳහා මාළු මත යැපෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට සැලකිය යුතු ඍණාත්මක බලපෑම් ඇති කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අතර දුප්පත්කම, විරැකියාව, සෞඛ්‍ය ගැටලු සහ සමාජ ආතතියය උත්සන්න වී ඇති බවයි “.

එක්සත් රාජධානියේ මෑත කාලීන රජයේ වාර්තාවක් ගණනය කර ඇත්තේ එරට ගෘහස්ථ බෝග, ගව හා දැව භාණ්ඩ පරිභෝජනය 2018 දී හෙක්ටයාර 35,977ක නිවර්තන වනාන්තර විනාශයක් සමඟ සම්බන්ධ වී ඇති බවයි.

“ජෛව විවිධත්වය අහිමි වීමෙන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ වඩාත් අවදානමට ලක්විය හැකි දුප්පත්ම ජනතාව වන අතර එහි බලපෑම් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ට අමතර සහාය අවශ්‍ය වේ. ප්‍රශ්නය එයයි. දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ නොවන සහ දැනට සැලකිල්ලට නොගන්නා මෙහි අතිරේක පාඩු සහ හානි තිබේ.” ලන්ඩනයේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධාන කතුවරයා වන ආචාර්ය ඩිලිස් රෝ පවසයි.

දේශගුණය සමඟ, දූෂකයා ගෙවයි Polluter pays” යන මූලධර්මය පදනම් වී ඇත්තේ දූෂණය නිපදවන අය මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට වන හානිය අවම කිරීමේ පිරිවැය දැරිය යුතුය යන මතය මතය. පර්යේෂකයන් ජෛව විවිධත්වය සඳහා “පාරිභෝගික ගෙවීම් Consumer pays” යන අදහස ගවේෂණය කරයි: ස්වභාවික සම්පත් (එනම් දැව, මස්) පරිභෝජනය කරන අය බලපෑම් සඳහා ගෙවිය යුතුය. “පළමු පියවර වන්නේ මේ පිළිබඳ සාකච්ඡාව විවෘත කිරීම සහ ‘පරිභෝගිකයා ගෙවයි’ යන මූලධර්මය ‘දූෂකයා ගෙවන’ ආකාරයටම වලංගු මූලධර්මයක්ද යන්නයි” රෝ පවසයි.

පසුගිය වසරේ මොන්ට්‍රියෙල් හි Cop15 හි දී, ජෛව විවිධත්ව හානිය නැවැත්වීමට සහ ආපසු හැරවීමට ධනවත් ජාතීන් වැඩි මුදලක් ගෙවිය යුතු බවට එකඟ වූ නමුත්, ඓතිහාසික පාඩු සඳහා වන්දි ගෙවීම පිළිබඳ සාකච්ඡාවක් නොතිබුණි.

“දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා පිටුපස ජෛව විවිධත්වය අහිමි වීමේ ප්‍රශ්නය දශක කිහිපයක් නොවේ නම් වසර කිහිපයක් ඇතැයි මම සිතමි. ජීව විශේෂයන් සහ සුන්දර වැසි වනාන්තර ආදිය අහිමි වීම ගැන අපි දුක් වෙමු. එහෙත් එහි සමාජ ඇඟවුම් සහ භූමියේ සිටින මිනිසුන්ට මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න අපි අවශ්‍යයෙන්ම නොතකා හරිමු. ජෛව විවිධත්වය අහිමි වීම සමාජ ප්‍රශ්නයක් වන අතර පාරිසරික ප්‍රශ්නයක් තරමටම සංවර්ධන ප්‍රශ්නයකි.” ආචාර්ය ඩිලිස් රෝ පැවසීය.

ඒවා අතර ඇති සම්බන්ධතා නිසා අලාභ හා හානි සඳහා පවතින දේශගුණික අරමුදල්වලට ස්වභාවධර්මය අහිමි වීම ඇතුළත් කළ හැකි නම්, එය ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේදැයි රෝ ගවේෂණය කර නැත. වන්දිය ලබාදිය යුත්තේ කෙසේද, කොතැනකද, කොපමණ යෝග්‍ය වේද ? යන්න ගැන මෙම කොටසින් ගවේෂණය නොකරයි.

මෙම පත්‍රිකාවට සම්බන්ධ නොවූ Liverpool John Moores විශ්වවිද්‍යාලයේ සංරක්ෂණ පරිසර විද්‍යාඥ ආචාර්ය Sarah Dalrymple මෙම ප්‍රස්තුතයට එකඟ වූවාය. ඇය මෙසේ පැවසුවාය: “ස්වභාවධර්ම සංරක්ෂණය යනු පරිසර පද්ධති සහ ජීව හා ශාක විශේෂයන් ආරක්ෂා කිරීම පමණක් නොව, එහි හරය තුළට සමාජ සාධාරණත්වය කාවැද්දීමට ද අවශ්‍ය වේ. ජෛවවිවිධත්වය අහිමි වීම සම්බන්ධයෙන් ගෝලීය ගිවිසුම් වලට පාඩු හා හානි පිළිබඳ මූලධර්මය ඇතුළත් කිරීමට මම සහාය දක්වන්නෙමි”

https://www.theguardian.com