WMO වාර්තා වලට අනුව 1970 සිට 2021 දක්වා කාලය තුළ ආපදා 11,778ක් සිදුව ඇත. එහිදී පුද්ගලයින් මිලියන දෙකක් මිය ගොස් ඇති අතර එයින් 90%ක්ව වාර්තා වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය‍.

ආන්තික කාලගුණය / Extreme weather හේතුවෙන් පසුගිය අඩ සියවස තුළ ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික හානියක් සිදු වී ඇති නමුත් මිනිස් මරණ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටී ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ – World Meteorological OrganizationWMO නවතම වාර්තාවක් කියයි. එම වාර්තාවට අනුව ගංවතුර, කුණාටු සහ ලැව්ගිනි වල ආර්ථික පිරිවැය 1970 සිට වේගවත් වී ඇත.

මෙම වාර්තාව පෙන්වා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල අන්තික කාලගුණය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුවීමට  වඩා හොඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආපදා කළමනාකරණය ප්‍රමුඛ හේතූන් වූ බවයි. අන්තික කාලගුණ සිදුවීම් 2019 සහ 2021 අතර මරණ 22,608ක් සිදු කර ඇති අතර එය පෙර වසරවලට වඩා අඩුය.

WMO වාර්තා වලට අනුව 1970 සිට 2021 දක්වා කාලය තුළ ආපදා 11,778ක් සිදුව ඇත. එහිදී පුද්ගලයින් මිලියන දෙකක් මිය ගොස් ඇති අතර එයින් 90%ක්ව වාර්තා වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය‍.

1970 ගණන්වල සිට මෙම සිදුවීම් වලින් සිදුවන ආර්ථික හානියේ පිරිවැය අට ගුණයකින් වැඩි වී ඇති අතර මේ වන විට එය ඩොලර් ට්‍රිලියන 4.3ක් බව එක්සත් ජාතීන්ගේ දේශගුණික හා කාලගුණ ආයතනයේ නව දත්ත පෙන්වා දෙයි.

ආන්තික කාලගුණ සිදුවීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුවීමට එවැනි සිදුවීම් අඩු වීම හෝ දරුණු වීම සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවත් එම කාලසීමාව තුළ ආන්තික කාලගුණය ආශ්‍රිත ආපදා සංඛ්‍යාව පස් ගුණයකින් වැඩි වී ඇති බව WMO පවසයි.

මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගවල වැඩිදියුණු කිරීම් දැක ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල එවැනි ව්‍යසනයන්ට ගොදුරු විය හැකි ජනගහනයක් සිටින බව WMO පවසයි.

2027 අවසානය වන විට ලෝකයේ සිටින සියලු දෙනා වෙත ළඟා වීමට නියමිත ව්‍යසනයන් පිළිබඳ උසස් තත්ත්වයේ පූර්ව අනතුරු ඇඟවීම් අවශ්‍ය වන අතර එම පද්ධති ස්ථාපිත කිරීම වේගවත් කිරීමට ලෝක කාලගුණ විද්‍යා නියෝජිතායතනය බලාපොරොත්තු වේ.

“වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අවාසනාවන්ත ලෙස ආන්තික කාලගුණය, දේශගුණ විපර්යාස සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගේ බර දරා සිටිති” යනුවෙන් WMO මහලේකම් මහාචාර්ය පෙටේරි තලාස් පැවසීය.

ඔහු පසුගිය දා මියන්මාරයේ සහ බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවලට බලපෑ නිවර්තන කුණාටුව වන මෝචා සුළි කුණාටුව උදාහරණයට ගත්තේය. එය දුප්පත්ම ප්‍රජාවන්ට බලපෑ අතර ඔවුන් වෙත පුළුල් විනාශයක් ඇති කළේය.

මෝවා සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 800,000කට හදිසි ආහාර ආධාර සහ වෙනත් ආධාර අවශ්‍ය බව වාර්තා විය. නමුත් දැනට ගණන් බලා ඇති පරිදි මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 200 ට වඩා අඩුය. අතීතයේ නම් එවැනි කුණාටුවක් හේතුවෙන් මිනිසුන් දස දහස් ගණනක් හෝ සිය දහස් ගණනක් මිය ගිය බව තාලස් මහතා පැවසීය.

Three volunteers with loudspeakerබංග්ලාදේශයේ ස්වේච්ඡා සේවකයන් මෝචා සුළි කුණාටුව පැමිණෙමින් පවතින බව ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවයි. එවැනි පියවරයන් ආන්තික කාලගුණික සිදුවීම් වලින් මරණ සංඛ්‍යාව අඩු කිරීමට උපකාරී වී ඇත

“පූර්ව අනතුරු ඇඟවීම් (early warnings) සහ ආපදා කළමනාකරණයට ස්තූතිවන්ත වන්නට මෙම ව්‍යසනකාරී මරණ අනුපාතිකය දැන් වේගයෙන් පහළ වැටී තිබෙනවා. පූර්ව අනතුරු ඇඟවීම් ජීවිත ආරක්ෂා කරනවා” ඔහු පැවසීය.

ආන්තික කාලගුණය හේතුවෙන් විශාලතම මූල්‍ය අලාභ සිදුවූයේ සංවර්ධිත රටවල වන අතර එක්සත් ජනපදය මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විය. එක්සත් ජනපදයේ ආන්තික කාලගුණය සහ දේශගුණය ආශ්‍රිත ව්‍යසනයන් මගින් සිදු වූ ඇස්තමේන්තු ගත හානිය ඩොලර් ට්‍රිලියන 1.7කි. එය පසුගිය වසර 51 තුළ ගෝලීය එකතුවෙන් 39% කි.

කෙසේ වෙතත්, අඩුම සංවර්ධිත රටවල් සහ කුඩා දූපත් රාජ්‍යයන් ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව වැඩි පිරිවැයක් දැරූ බව WMO පවසයි.

ලොව පුරා වාර්තා වූ මරණ වලින් 47%ක් (මිලියනයකට ආසන්න ප්‍රමාණයක්) ආසියානු නිවර්තන සුළි කුණාටු හේතුවෙන් සිදුවිය. 1970න් පසු ආසියාවේ වැඩිම මරණ සංඛ්‍යාව බංග්ලාදේශයන් වාර්තා විය. එරටින් වාර්තා වූ ආපදා 282කදී පුද්ගලයින්  520,758 දෙනකු මරණයට පත්විය.

යුරෝපයේ, ආපදා 1,784 කින් පුද්ගලයින් 166,492 දෙනකු මිය ගිය අතර එය ලොව පුරා වාර්තා වූ මරණ වලින් 8% කි. යුරෝපයේ වාර්තා වූ මරණ සඳහා ප්‍රධාන හේතුව අධික උෂ්ණත්වය වන අතර ආර්ථික පාඩු සඳහා ප්‍රධාන හේතුව ගංවතුරයි.

https://www.bbc.co.uk/